උපරිම බලය බෙදීමකට ශ්‍රීලනිපය එකගයි !

උපරිම බලය බෙදීමකට ශ්‍රීලනිපය එකගයි !

SHARE

නව ව්‍යවස්ථාවක් යටතේ උපරිම බලය බෙදීමකට ශ්‍රීලංකා නිදහස් පක්ෂය සම්පුර්ණයෙන්ම එකග බවත් නමුත් ජනාධිපති ධූරයේ අවශ්‍යතාවද ඇති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අදහස වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

එමෙන්ම නව ව්‍යවස්ථාව තුළින් සෙනෙට් සභාවක් පිහිටුවීමටත් එහි මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කැබිනට් අමාත්‍ය ධුර 02 ක් ලබාදිය යුතු බවට වන යෝජනාවක්ද ශ්‍රීලංකා නිදහස් පක්ෂය විසින් අතුරු වාර්තාවට ඇතුළත් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(21දා) පාර්ලිමේන්තුවේදී රැස්වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අදහස් දැක්වීමේදීය.