තුර්කි හමුදාවේ 1,563ක් අත්අඩංගුවට – කුමන්ත්‍රණය අසාර්ථක බව රජය කියයි

තුර්කි හමුදාවේ 1,563ක් අත්අඩංගුවට – කුමන්ත්‍රණය අසාර්ථක බව රජය කියයි

SHARE

5789cf41c461889b7d8b4599

තුර්කි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ රාජ්‍ය බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකපිට මේවන විට හමුදාවේ 1,563 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඒ අතර සේනාධිපතිවරු 29 ක් සිටින අතර ජෙනරාල්වරු 5 දෙනෙක් මේ වනවිට සේවයෙන් ඉවත්කර තිබේ.

කෙසේ වුවද තුර්කියේ බලය අල්ලාගත් බව තුර්කි හමුදා කණ්ඩායමක් එරට රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ප්‍රකාශ කර තිබිණි.

එසේ වුවද එම කුමන්ත්‍රණය අසාර්ථක බවත්, ජනතාව මෙම කුමන්ත්‍රණකාරීන්ට එරෙහිව වීදි බැසිය යුතු බවත්, තුර්කි ජනාධිපති රිසෙප් තයිප් එර්දෝගන් පැවසුවේය.

තුර්කියේ, ඉස්තාන්බූල් අගනුවර ඊයේ රාත්‍රී ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවද විදෙස් පුවත්වල දැක්වේ.

තුර්කි හමුදා කණ්ඩායමක් විසින් එරට රාජ්‍ය බලය අල්ලාගත් බව පැවසීමෙන් අනතුරුව සිදුවූ වෙඩි තැබීම් හා ගුවන් ප්‍රහාර හේතුවෙන් මෙම ජීවිත හානි සිදුව ඇති බව පැවසෙන අතර මියගිය බොහෝ දෙනා සාමාන්‍ය වැසියන් බවද වාර්තා වේ.

එරට තුල සමාජ ජාලා වෙබ් අඩවි තාවකාලිකව තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.