තෙල්දෙණියේ සිද්ධිය ගැන පරීක්ෂණ වාර්තා නීතිපතිට යැව්වා

තෙල්දෙණියේ සිද්ධිය ගැන පරීක්ෂණ වාර්තා නීතිපතිට යැව්වා

SHARE

පසුගිය මාර්තු මාසයේදී තෙල්දෙණියේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ගණනාවක් පවත්වා තිබෙන බව පවසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට සම්බන්ධ ලිපිගොනු සියයකට වැඩි ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත මේ වනවිට යොමුකර තිබෙන බව සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06දා) අරලියගහ මැඳුරේ පැවැති රාමසාන් ඉෆ්තාර් උත්සවයට සහභාගි වෙමිනි.

තෙල්දෙණියේ ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ නීතිය හා සාමය බිඳ වැටීම පිළිබඳව ආණ්ඩුව කනගාටුව පළකර සිටින බව පැවැසූ අග්‍රාමාත්‍යවරයා එම ප්‍රදේශය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට රජය කඩිනමින් අවශ්‍ය පියවර ගත් බව වැඩිදුරටත් කියා සිටියේය.