බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් Esoft ආයතනය මුස්ලිම් යාඥා කාමර හදයි

බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් Esoft ආයතනය මුස්ලිම් යාඥා කාමර හදයි

SHARE

14046050_874212849378784_4795046862458143764_nමෙරට පුද්ගලික අධ්‍යාපන ආයතන තුලට ආගම්වාදය ගෙන එමින් Esoft පරිගණක අධ්‍යාපන ආයතනය මුස්ලිම් සිසුන් සදහා වෙනම යාඥා කාමර හදුන්වා දී තිබෙනවා. ඒ කොළඹ පිහිටි ප්‍රධාන ඉගැන්වීමේ මධ්‍යස්ථානය (Esoft Metro Campus) තුල ගැහැණු සහ පිරිමි මුස්ලිම් සිසුන් සදහා වෙන වෙනම යාඥා කාමර දෙකක් ආරම්භ කිරීමත් සමගයි. මෙම යාඥා කාමර Esoft හිමිකරු වන වෛද්‍ය දයාන් රාජපක්ෂ සහ එම ආයතනයේ අධ්‍යක්ෂක වරයෙකු වන නිශාන් සෙම්බුකුට්ටිආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ඇති අතර ඒ සදහා මව්ලවිවරයෙක්ද සහබාගි වී තිබෙනවා.

Esoft හිමිකරු වෛද්‍ය දයාන් රාජපක්‍ෂ දෙවියන් වදිමින්
Esoft හිමිකරු වෛද්‍ය දයාන් රාජපක්‍ෂ දෙවියන් වදිමින්

අනෙකුත් ආගම් සදහා බුද්ධ මන්දිර, කෝවිල්, කතෝලික පල්ලි හෝ වෙනත් සුදුසු ස්ථාන මෙම ආයතනය තුල මෙතෙක් ඉදිකර නොමැති අතර මුස්ලිම් සිසුන් සදහා පමණක් විශේෂයක් දවමින් යාඥා කාමර ලබාදී තිබෙනවා. Esoft හිමිකරුවන වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා නාරම්මල ප්‍රදේශයේ බෞද්ධ පවුලක ඉපිද කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා IDM ආයතනයේ සේවයකර එම ආයතනයේ සේවයකළ තවත් සේවකයන් පිරිසක් සමග ඉන් ඉවත්ව Esoft ආයතනය ආරම්භකර තිබෙනවා. දැනගන්නට ලැබෙන පරිදි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපතිත්වය දරන්නෙත් දයාන් රාජපක්ෂ මහතායි.

මේ පිලිබදව ජාතික සංවිධාන කිහිපයකම අවධානය යොමුවී තිබෙන අතර “බහුතරයක් මුස්ලිම් ආගම වන රටවල මෙවැනි ස්ථාන තිබීම ප්‍රශ්නයක් නොවන නමුත්, වහබ්වාදී කල්ලි විවිධ වේශයන්ගෙන් රට ආක්‍රමණය කිරීමට උත්සහ කරන මොහොතක, බහුතරය බෞද්ධයන් ජිවත්වන අපේ රටේ මෙවැනි ස්ථාන ආරම්භ කිරීම මගින් Esoft ආයතනය නරක පුර්වාදර්ශයක් දී ඇති බව” එම සංවිධාන බොහොමයකම අදහස වී තිබෙනවා. ඊට විරුද්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන බව ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රකාශකයෙක් අප වෙත සදහන් කර සිටියා.

Esoft ආයතනය මගින් අන්තර්ජාලයට එක්කර තිබු මෙම අවස්ථාවේ ජයාරූප සියල්ල ඔවුන් විසින් මේ වනවිට ඉවත් කරගන තිබෙන අතර එම ජයාරූප පහතින්.

Esoft හිමිකරු වෛද්‍ය දයාන් රාජපක්‍ෂ දෙවියන් වදිමින්
Esoft හිමිකරු වෛද්‍ය දයාන් රාජපක්‍ෂ දෙවියන් වදිමින්
Esoft අධ්‍යක්ෂකවරයෙකු වන නිශාන් සෙම්බුකුට්ටිආරච්චි මහතා අවස්ථාවට සහබාගී වෙමි
Esoft අධ්‍යක්ෂකවරයෙකු වන නිශාන් සෙම්බුකුට්ටිආරච්චි මහතා අවස්ථාවට සහබාගී වෙමින්

13932698_874212739378795_6816148376682937375_n 14067455_874213402712062_2390569288914249469_n 14054921_874213159378753_6402623195045017130_n 14046050_874212849378784_4795046862458143764_n 13921034_874212799378789_1725025529257813545_n 13912874_874212726045463_2280982075876601349_n 13962712_874212762712126_1500794023091106972_n 13934913_874212719378797_1412359262548015283_n Screen Shot 2016-08-22 at 20.25.05 Screen Shot 2016-08-22 at 20.24.57