හම්බන්තොට උණුසුම්.. පොලීසිය සීරුවන් (Video)

හම්බන්තොට උණුසුම්.. පොලීසිය සීරුවන් (Video)

SHARE

හම්බන්තොට යෝජිත කර්මාන්ත පුරය හා පරිපාලන සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුනද මේ වනවිට දස දහස් ගණනින් ජනතාව අදාළ විකුණුම් ව්‍යාපෘතියට විරෝධය පලකරමින් උද්ඝෝෂණයේ යෙදෙන බව වාර්තා වනවා.

හම්බන්තොට නගරයේ විශේෂ රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 3000ක් අනුයුක්ත කල බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. එයට අමතරව කැරලි මර්ධන ඒකකද හම්බන්තොට නගරය වෙත පිටත් කර හැර තිබේ.

හම්බන්තොට වරාය චීන සමාගමකට පවරන ගිවිසුම අද දිනයේ අත්සන් කිරීමට නියමිතව ඇති අතර ජාතික සම්පත් විදේශ සමාගම් වලට විකිණීමට විරෝධය පල කරමින් ඒකාබද්ධ විපක්ෂද අද හම්බන්තොට විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

හම්බන්තොට උණුසුම්.

Posted by A Brighter Future for Sri Lanka on Friday, January 6, 2017