මහබැංකු අධිපතිට මුදල් ඇමතිගෙන් දැඩි ප්‍රහාරයක්

මහබැංකු අධිපතිට මුදල් ඇමතිගෙන් දැඩි ප්‍රහාරයක්

SHARE

මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කළ බව පැවසෙන ප්‍රකාශයක් මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ දෝෂ දර්ශනයට ලක්විය.

මුදල් අමාත්‍යංශයේ ඊයේ(05) පැවැති මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍යවරයාගේ විවේචනයට ලක්වූයේ

“ආර්ථිකය දැන් තිබෙන්නේ දැඩි සත්කාර ඒකකයේ නොවුනත් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ” යනුවෙන් මහබැංකු අධිපතිවරයා කරන ලැබූ ප්‍රකාශයකි.

ඊට ප්‍රතිචාර දැක්වූ මුදල් අමාත්‍යවරයා “ඔව් ICU එක තමයි මහින්ද රාජපක්ෂ අපිට බාර දුන්නේ, ඒ ICU එකට තල්ලු කරන කොට එතුමත් එකේ සහායකයෙක්, එතුමා කිව්වෙ මහබැංකු අධිපති, එයත් හිටියේ රාජපක්ෂලාගේ මේවා එකේ”යැයි පැවසූ අතර ” මේක විකෘති කරල පළකරලා ඇති කියලයි මම හිතන්නේ, නමුත් මාධ්‍යය කියලා තියෙනවා කියල එතුමා කිව්වා කියලා ආර්ථිකය ICU එකේ නෙවෙයි ඉස්පිරිතාලේ ඉන්නේ කියලා” යනුවෙන්ද කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ දැඩි සත්කාර ඒකකයේ තිබූ ආර්ථිකය වැඩි කල් යාමට පෙර බාහිර රෝගී අංශය දක්වා ගෙන ඒමට රජයට හැකි වන බව පැවසූ මුදල් අමාත්‍යවරයා වෙනස එය බව ද අවධාරණය කළේය.

2015 ජනවාරි 7 වෙනිදාට පෙර දින මහබැංකුවෙන් මුදල් පිටකළ බවට නැගෙන චෝදනාව ගැන අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා පැවසුවේ සිදුවන අපරාධ පිළිබඳව ඉදිරියේදී රටට හෙළිකරන බවය.

“මහබැංකුව විකෘති කරගෙන යනවා, අපි ළඟ ෆයිල් තියෙනවා, දෙවැනි වර එනකොට එකේ වෙන උත්තර තියෙන්නේ, කබ්රාල්ගේ හෙන්චයියන් පිරිස කරන මේ අපරාධය අපි ඉදිරිපත්කරනවා රටට” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

2015 ජනවාරි 7 වෙනිදා මුදල් පිට කළ සිද්ධියට සම්බන්ධ නිලධාරීන් කවුදැයි හෙළිකෙරෙන සීසීටීවී දර්ශන සමග තමන් සතුව ඇති බව පැවසූ මුදල් ඇමතිවරයා එය නිසි වෙලාවට ඉදිරිපත්කරන බවද සඳහන් කළේය.
BBC