19 පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක...

19 පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්..!

SHARE

19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සහභාගී වූ පළමු තරඟය කඩුලු 07 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවති තරඟයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරඟය පන්දුවාර 48 කට සීමා කිරීමට තරඟ තීරකයින් පියවර ගත් අතර ඒ අනුව නියමිත පන්දුවාර 48 තුළ අයර්ලන්ත කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 207 ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා 19 න් පහල කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් කඩුලු 03 ක් බිඳු හෙළුවා.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37 යි එක් පන්දුවක් තුළ කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

එම ඉනිම වෙනුවෙන් ධනංජය ලක්ෂාන් ලකුණු 101 ක්ද කමිඳු මෙන්ඩිස් ලකුණු 74 ක්ද ලබා ගත්තේය.