ඉංග්‍රීසි English කරනු ලැබේ…
English Communication Skills Development National Program
ඉංග්‍රීසි සන්නිවේදන කුසලතා සංවර්ධන ජාතික වැඩසටහන
අපගේ මාතෘභූමිය දියුණු නවීන දේශයක් බවට පත් කිරීමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය උදෙසා අත්‍යවශ්‍ය වූ ” විශ්ව දැනුමේ භාෂාවක් වූ ඉංගිසි භාෂාව” ආශ්රිත සන්නිවේදන කුසලතා සංවර්ධනය කිරීම උදෙසා බහුපාර්ශවීය සහයෝගීතාවයෙන් යුත් වැඩසටහනක් “ඉංග්‍රීසි English කරනු ලැබේ…” තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ඇත. එකසත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (UN_SDG) වැඩපිළිවෙල (2016-2030) සමාජගත කරමින් ක්‍රියාත්මක වන “HappyLife ” වැඩසටහනේ කොටසක් ලෙස “ඉංග්‍රීසි English කරනු ලැබේ…” වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ තරුණයින්, ගුරුවරුන්, ව්‍යවසායකයින් , සමාජ නායකයින් , මාධ්‍යවේදීන් ඇතුළු විවිධ පාර්ශ්ව ඉලක්ක කොට මුලික මට්ටම් කිහිපයකින් යුත් වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම වැඩසටහන් ආරම්භ කිරීමේ “ඉංග්‍රීසි English කරනු ලැබේ…” සමාරම්භක සම්මන්ත්‍රණය හා මාධ්‍ය හමුව 2016 සැප්තැම්බර් මස 27 වන අඟහරුවාදා සවස 2 ට කොළඹ 7 හි පිහිටි මහවැලි කේන්ද්‍රයේදී ආරම්භ කෙරේ. මෙම සම්මන්ත්‍රණය නොමිලේ පැවැත්වේ.
“ඉංග්‍රීසි English කරනු ලැබේ…” සමාරම්භක සම්මන්ත්‍රණය 2016 සැප්තැම්බර් මස 27 වන අඟහරුවාදා සවස 2 සිට 5 දක්වා www.ceylonleader.com වෙබ් අඩවිය ඔස්සේ කෙරේ.