:

මංගල වසරේදීම වාර්තාගත ප්‍රගතියක් ලැබූ ‘ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා’ ක්‍රීඩා සංවිධානය

top-news
https://maannews.acnoo.com/public/frontend/img/header-adds/adds.jpg

ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා - Sri Lions Sri Lanka - සංවිධානය වැදගත් ක්‍රීඩා තරග පවත්වමින් ඔවුන්ගේ පළමු වසරේ මෙහෙයුම සම්පූර්ණ කර තිබෙන්නේ දේශීය මෙන්ම

විදේශීය ශ්‍රී ලාංකිකයන් අතර ද එකමුතුවක ශක්තිමත් හැඟීමක් පෝෂණය කරමින්. අනාගත වර්ධනයක හා සාර්ථකත්වයක සවිමත් අඩිතාලමක් ඔවුන් පළමු වසරේදී ම දමා තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මූලස්ථානය කර ගත් ශ්‍රී ලයන්ස්, ලියාපදිංචි ක්‍රීඩා හා ප්‍රජා සේවා සංවිධානයක්. ශ්‍රී ලංකාව මෙන්ම ඩුබායි හා කැනඩාව යන රටවල නොයෙකුත් බලධාරීන්ගේ පිළිගැනීම මේ සංවිධානයට ලැබී තිබෙනවා. මේ සංවිධානයේ ප්‍රධාන කාර්යභාරය වී තිබෙන්නේ සමාජ, ක්‍රීඩා හා සැබෑ ක්‍රියාකාරකම්වලින් ශ්‍රී ලංකා ප්‍රජාවට සහාය වීම යි. මේ ඉසව් ඔවුන් සංවිධානය කරන්නේ ළමයින් මෙන්ම වැඩිහිටියන් ද ඉලක්ක කරගෙන. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සැලකිය යුතු පෙනී සිටීමක් තිබෙන ශ්‍රී ලයන්ස් සංවිධානයට ලියාපදිංචි සාමාජිකයන් 2,500ක් සිටින අතර ඔවුන්ගේ වැඩසටහන්වලට පුද්ගලයන් 10,000කට වැඩි පිරිසකගේ සහභාගිත්වයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ජනතාව හා අනාගත අභිලාෂයන් නියෝජනය වන ජාත්‍යන්තරව ප්‍රසිද්ධ ක්‍රීඩා සලකුණක් ස්ථාපිත කිරීමයි ශ්‍රී ලයන්ස් සංවිධානයේ දැක්ම වී තිබෙන්නේ.

මේ සංවිධානය ඔවුන්ගේ පළමු වසරක කාලයේදී ක්‍රීඩා හා ප්‍රජා සේවා යන තරගකාරී ක්ෂේත්‍රයන්හි අවධානය යොමුකර ගත් පියවර ගණනාවක් ම තබා තිබෙනවා. ඔවුන් සාර්ථකව ඉටුකර ගත් ප්‍රධාන ක්‍රීඩා කාර්යයන්ට ඩුබායි රග්බි සෙවන්ස්, බුඛාතීර් ක්‍රිකට් ලීගය හා ඩුබායි නෙට්බෝල් ලීගයට සහභාගි වීම ඇතුළත් වනවා. මේ ක්‍රීඩා ඉසව් නැරඹීමට විශාල ජනකායක් පැමිණි අතර ශ්‍රී ලයන්ස් සංවිධානය ඔවුන්ගේ නියෝජනය එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජපානය, බහරේන් හා ඔ්මානය ඇතුළු වෙනත් රටවලට ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.

https://maannews.acnoo.com/public/frontend/img/header-adds/adds.jpg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *